27.6 C
Galle

ගැබිනියන් 80කට වඩා කොරෝනා ආසාදිතයන් අතර

Published:

කොරෝනා ආසාදනය වී ඇති පිරිස අතර ගැබිනි මව්වරු 80කට වැඩි පිරිසක් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මෙයින් ගැබිනි මව්වරු 28 දෙනකු නැගෙනහිර කොළඹ මූලික රෝහල හෙවත් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබති.

කොරෝනා ආසාදනය වන ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා එහි වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇත.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවසන්නේ කොරෝනා ආසාදනය වී සිටි ගැබිනි මව්වරු 04 දෙනකු මේ රෝහලේ දී දරුවන් බිහිකළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!