27.6 C
Galle

ගාල්ලේ එකම පවුලේ 05ක් ඇතුළු 06ක් ආසාදිතයි.

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එකම පවුලේ 05ක් ඇතුළු ආසාදිතයන් 06 දෙනකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මීට පෙර ආසාදිත බව හඳුනාගත් රියදුරකුගේ පවුලේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් 05 දෙනාට ම කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔවුන් ගාල්ලේ මකුළුව පදිංචි කරුවන්ය. අනෙක් ආසාදිත තැනැත්තා අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!