27.2 C
Galle

වනිඳු ටෙස්ට් පිටියෙන් සමුගනී

Published:

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමුකර ඇත.

ඔහු පවසන්නේ සීමිත පන්දුවාර ක්‍රිකට් සහ විස්සයි විස්ස තරඟ සඳහා වැඩි අවදානයක් යොමුකිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

මේ දක්වා වනිඳු හසරංග ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරඟ 04කට පමණි. එහි දී කඩුලු 04ක් දවාගත් වනිඳු ලකුණු 196ක් රැස්කරගැනීමට සමත්වූයේය.

Related articles

spot_img
error: Content is protected !!