27 C
Galle

දඹුල්ල අවුරා අවසන් මහා තරඟයට

Published:

ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත්කළ දඹුල්ල අවුරා කන්ඩායම කල්වේලා ඇතිවම මෙවර එල්පීඑල් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්තේය.

ගෝල් ටයිටන්ස් කණ්ඩායම මෙම තරඟයෙන් පරාජයට පත්වුව ද සෙනසුරාදා පැවැත්වෙන තරඟය ජයගතහොත් අවසන් මහා තරඟයට සහභාගී වීමේ අවස්ථාවක් ලබාගැනීමට හැකියාව තිබේ.

පළමුව පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි. එහි දී ලසිත් කෲස්පුල්ලේ ලකුණු 80ක් ලබාගත් අතර සකීබ් අල් හසන් 19, ලහිරු සමරකෝන් 15, දසුන් ශානක 12 හැර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකි විය.

දඹුල්ල අවුරා කණ්ඩායම තරඟයේ තවත් පන්දු දෙකක් ඉතිරිව තිබිය දී කඩුලු 04ක් දැවී ලකුණු 147ක් ලබාගනිමින් ජයග්‍රහණය තහවරු කරගත්තේය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 53ක්, කුසල් මෙන්ඩිස් 49ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 24ක් බැගින් රැස්කළහ.

Related articles

spot_img
error: Content is protected !!