32.4 C
Galle

සුපිරි වටයේ පළමු ජය පකිස්තානයට

Published:

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි වටයේ තරඟ ආරම්භ කරමින් ඊයේ (06) පකිස්තානයේ ලාහෝරායේ ගාඩෆි ක්‍රීඩාංගණයේ පැවැති තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07කින් පරාජය කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර 38.4ක දී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 193ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 64ක් ලබාගත් අතර ශකීබ් අල්හසන් ලකුණු 53ක් ලබාගත්තේය. වෙනත් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට හැකිවූයේ නැත. ලින්ටන් දාස් ලකුණු 16ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 39.3ක දී කඩුලු 03ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට පකිස්තාන කණ්ඩායම සමත්විය. ඉසාම් උල් හක් හයේ පහර 04ක් සහ හතරේ පහර 05ක් සමඟ පන්දු 84කින් ලකුණු 78ක් ලබාගනිමින් ජයග්‍රහණයේ අඩිතාලම දැමුවේය. මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 63ක් රැස්කිරීමට සමත්විය.

Related articles

spot_img
error: Content is protected !!