32.4 C
Galle

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් ඉන්දියාව හමුවේ පරාජය වෙයි

Published:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයවීම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම සහ රිදී පදක්කම වෙනුවෙන් පැවැති අද තරඟයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 116කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වුව ද පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස්කරගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 07ක් පමණි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 116 (ස්ම්රිටි මන්දානා 46, ජෙමීමා රොද්‍රිගුස් 42, උදේෂිකා ප්‍රබෝදනී 16/2, සුගන්දිකා කුමාරි 30/2, ඉනෝකා රණවීර 21/2)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 97 (චමරි අතපත්තු 12, හසිනි පෙරේරා 25, නිලක්‍ෂි ද සිල්වා 23, ඕෂදී රණසිංහ 19, ටිටාස් සධූ 6/3, රාජේෂ්වරී ගයක්වාඩ් 20/2) 

Related articles

spot_img
error: Content is protected !!