32.4 C
Galle

නේපාලය T20 ලෝක වාර්තා තුනක් පිහිටුවයි

Published:

නේපාල ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 ක්‍රිකට් ලෝක වාර්තා තුනක් බිහිකිරීමට ඊයේ (27) සමත්විය.

චීනයේ පැවැත්වෙන, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරඟයේ දී ඔවුන් මෙම දස්කම දක්වා තිබේ.

එහි දී නේපාල කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 දී කඩුලු 03ක් දැවී ලකුණු 314ක් රැස්කරමින් විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 300 ඉක්මවා ගිය පළමු අවස්ථාවට හිමිකම් කීවේය.

නේපාල ක්‍රීඩක ඩිපෙන්ද්‍ර සිං පන්දු 09ක දී ලකුණු 50ක් වාර්තාකරමින් වේගවත් ම අර්ධ ශතකයේ ලෝක වාර්තාව තමන් සතුකරගත් අතර කුෂාල් මල්ලා පන්දු 34කින් ලකුණු 100ක් ලබාගනිමින් වේගවත් ම ශතකයේ වාර්තාව ද තමන් සතුකර ගත්තේය.

‍නේපාලය මෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ මොංගෝලියාව ද තවමත් ICC පූර්ණ සාමාජිකත්වය ලැබූ කණ්ඩායම් නොවේ.

Related articles

spot_img
error: Content is protected !!