31.1 C
Galle

දසුන් ශානකට, ලෝක කුසලාන තරඟාවලිය අහිමිවෙයි ?

Published:

ලෝක කුසලාන තරඟාවලියේ ලබන 16 වැනි දා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.

දසුන් ශානක පාදයේ මස්පිඩු ඉරීමේ ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය පවසයි. ඔහුට නිශ්චිතව ම ඕස්ට්‍රේලියාව සමඟ තරඟය අහිමිවන බවත් ඉතිරි තරඟ සඳහා සහභාගී වීම පිළිබඳ තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නිලධාරීන් පවසයි.

ලක්නව්හි එක්නා ක්‍රීඩාංගණයේදී අද (14) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියට ද දසුන් ශානක  සහභාගී වූයේ නැත.

Related articles

spot_img
error: Content is protected !!