32.4 C
Galle

දසුන් ලංකාවට, චාමික කණ්ඩායමට

Published:

දසුන් ශානක ආබාධයට ලක්වීම හේතුවෙන්, චාමික කරුණාරත්නට එම ස්ථානය හිමිවන බව වාර්තා වේ.

චාමික කරුණාරත්න අතිරේක ක්‍රීඩකයකු ලෙස ඉන්දියාවට ගොස් සිටින අතර ඔහුගේ ආදේශය සඳහා තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඔහු අද සවස කණ්ඩායම සමඟ නිල වශයෙන් එක් වූ අතර දසුන් ශානකට ඉතිරි තරඟ හතම අහිමිවන බැවින් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දසුන් වෙනුවට නායකත්වයේ වගකීම බොහෝ විට කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!