29.4 C
Galle

ගාල්ලේ මහා මාර්ග, ඇළ මාර්ග වෙයි

Published:

මහ වැසි හේතුවෙන් අද (18) ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයේ මාර්ග රැසක් වැසි ජලය එක්රැස්වීම හේතුවෙන් යට වී තිබිණි.

ගාල්ල නගරය, වක්වැල්ල මාර්ගය, බද්‍දේගම මාර්ගය, මාපලගම මාර්ගය, තලාපිටිය, කෝන්ගහ හන්දිය ආදී ප්‍රදේශ මෙලෙස යට වී තිවෙනු දක්නට ලැබිණි.

ගාල්ල නගරය ස්වභාවිකව ම මුහුදු මට්ටමට වඩා මදක් පහතින් පිහිටා ඇති බැවින් වැසි ජලය බැස යාමේ ප්‍රමාදයක් සිදුවෙයි. එමෙන් ම වක්වැල්ල පාර, බද්දේගම පාර, මාපලගම පාර අවට පහත්බිම් විශාල වශයෙන් ගොඩකිරීම හේතුවෙන් වැසි ජලය මේ වනවිට මහා මාර්ග සියල්ල ඇල මාර්ග බවට පත්වීම සිදුවෙයි.

Related articles

spot_img
error: Content is protected !!