29.4 C
Galle

කොත්මලේ පොළොව යටින් ඇ‍සුණු අද්භූත ශබ්දය ගැන හෙළිදරව්වක්

Published:

කොත්මලේ, ජලාශයේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු යැයි ද එය පොළොව ඇතිවන විවර තුළින් ජලය ගලායාමේ ශබ්දයක් බව ද මහාචාර්ය අතුල සේනාරත්න කීවේය.

පසුගිය 14 වැනි දා සිට කොත්මලේ හැඳුනුවැව වෑතලාව ක්‍රීඩා භූමිය අභ්‍යන්තරයෙන් මෙම අසාමාන්‍ය හඬ ගම්වාසීන්ට ඇසී තිබිණි.

ඒ අසා මහත් බියට පත් වූ ගැමියන් විසින් කරන ලද පැමිණිලි හේතුවෙන්  පරීක්ෂණයක් පවත්වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් කරන ලද ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න අද එම ස්ථානයට පැමිණ එම ශබ්දය පිළිබඳ පරීක්ෂා කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!