32.2 C
Galle

මතීෂ පතිරණ, ආබාධ ලැයිස්තුවට

Published:

ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ මතීෂ පතිරණ ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් අද (20) සවස කීවේය.

නිසි එල්ලයක් නොමැතිව වයිඩ් පන්දු විශාල සංඛ්‍යාවක් යවමින් ක්‍රීඩා කළ මතීෂ පතිරණගේ පන්දු යැවීම ජාත්‍යන්තර විචාරකයන් වා දැඩිව විවේචනය කළේය. ඉන් පසු නායක දසුන් ශානකට ආබාධයක් බව කියමින් ඔහු කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට චාමික කරුණාරත්න කැඳවූ අතර ඊයේ සවස ඇන්ජෙලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවට යවා තිබුණේ ශ්‍රී ලංකා සංචිතයට එක්කිරීමේ අපේක්ෂාවෙනි.

අද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලැබෙන ආරංචි අනුව මතීෂ පතිරණ ආබාධයකට ලක් වූ බව පවසයි.

මීට පෙර ආබාධයකට ලක්වූ බව කියූ දසුන් ශානක ඊයේ පැය භාගයකට වඩා පිතිකරණ පුහුණුවීම්වල යෙදෙන අයුරු මාධ්‍ය විසින් ද වාර්තා කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!