27.2 C
Galle

බදුලු කෝච්චියට, ගල් සහ පස් පෙරැළේ

Published:

බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට අද (17) අලුයම හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන අසළ දී විශාල ගල් සහිත පස් කන්දක් කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සැතපුම් 156/13 කණුව ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය එන්ජිම ගල් සහ පස් හේතුවෙන් සිර වී ඇති බවයි. ඒ හේතුවෙන් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇති අතර පුද්ගලයන් කිසිවෙකුට තුවාල සිදුව නැත. මේ දුම්රිය දුම්රිය එන්ජින් දෙකක් මගින් ධාවනය වෙමින් තිබූ බැවින් පසුස එන්ජිම මගින් දුම්රියේ මැදිරි සියල්ල නැවත හපුතලේ දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් ඇත. එහි සිටි මගීන්ට එතැන් සිට බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් සපයා තිබිණි.  

Related articles

spot_img
error: Content is protected !!