27.2 C
Galle

වළගම්බා සහ වාසල ඇතුන් දෙදෙනා එකම තැන මරු දකිති

Published:

තබ්බෝව ප්‍රදේශයේ ඉඩමක් වටා නීති විරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී වළගම්බා සහ වාසල නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇතුන් දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මළ සිරුරු සම්බන්ධයෙන් කළුවරගස්වැව පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇත.

කරුවලගස්වැව, තේවනුවර, තබ්බෝව ප්‍රදේශවල සැරිසැරූ මෙම දළ ඇතුන් දෙදෙනා වයස අවුරුදු 35-40ත් අතර පසු වූ බව වනජීවී නිලධාරීහු කියති.

ඔවුන් පැටලී මියගිය විදුලි රැහැන අක්කර 07ක පමණ ඉඩමක් වටකර ඇද තිබූ බව අනාවරණය වී තිබේ. ඊයේ (03) අලුයම එකම විදුලි රැහැනක ස්ථාන දෙකක මෙම ඇතුන් දෙදෙනා පැටලී මියගොස් සිටි බව එම නිලධාරීන් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!