30 C
Galle

යොවුන් ආසියානු කුසලානය බංග්ලාදේශයට

Published:

යොවුන් ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශ වයස අවුරදු 19න් පහළ කණ්ඩායම අද සමත්විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත්කරමින් ඔවුන් මෙම කුසලානය දි විය.

තරඟයේ ප්‍රථමෙයන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස්කරගත්තේය.

අෂිකාර් රාහ්මන් ෂිබිලි ලකුණු 126ක් රැස්කළ අතර ඔහු පන්දු 149ක මුහුණ දී හතරේ පහර 12ක් එල්ල කර තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගතහැකිවූයේ ලකුණු 87ක් පමණි.

Related articles

spot_img
error: Content is protected !!