29.9 C
Galle

සඳම‍ඬලේ චමත්කාරය අද රාත්‍රී අහසේ දිස්වෙයි

Published:

සඳ වටා අද (22) රාත්‍රියේ, සඳමඬල ඉතාමත් පැහැදිලිව දක්නට ලැබිණි.

සඳ වටා වළල්ලක ආකාරයෙන් පිහිටි ආලෝක ධාරාව සඳ මඬල ලෙස හැඳින්වේ

අද (22) රාත්‍රී 7.00 පමණ සිට මෙම සඳමඬල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට දිස්වී තිබේ. මෙලෙස සඳමඬල දිස්වන්නේ පැහැදිළි අහසක් සහිත හොඳින් හඳ පායා ඇති දිනක දී ඉහළ වායුගෝලයේ ආද්‍රතාවය හෙවත් වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වූ විට දී ය.

සූර්ය ආලෝකය හඳ මත පතිත වී එම ආලෝකය පෘථිවිය වෙත පැමිණීමේ දී වායුගෝලයේ ඇති ජල වාෂ්ප හරහා ගමන් කිරීමේ දී එම අලෝකය වර්තනය වීම හේතුවෙන් දිවාකාලයේ දී දක්නට ඇති දේදුන්නක් සේ සඳ වටා වළල්ලක් සේ දිස්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!