28.6 C
Galle

දකුණෙන් තවත් රෝගීන් 04ක්

Published:

දකුණු පළාතෙන් අද (14) කොරෝනා රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 01ක්, මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 02ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 01ක් වශයෙන් ඔවුන් හමු වී තිබේ.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 139ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 46ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26ක් ලෙස දකුණු පළාතෙන් රෝගීන් 211ක් වාර්තා වී ඇත.

අද (14) බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 44ක් වාර්තා වී ඇති අතර ඔවුන් කවර ප්‍රදේශවල පදිංචිකරුවන් ද යන්න පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් තොරතුරු ලබා දී නැත.

Related articles

spot_img
error: Content is protected !!