30 C
Galle

සිම්බාබ්වේ සංචාරයට පැතුම් නෑ

Published:

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) ආරම්භවීමීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහභාගීත්වය අහිමි වී තිබේ.

පැතුම් නිශ්ශංකට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. පැතුම් වෙනුවට 19 හැවිරිදි ෂෙවෝන් ඩැනියෙල් කඳවා ඇත.

එහි පළමු තරඟය අද සවස 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන්නේ, ක්‍රෙග් අර්වින් විසිනි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් අහිමි වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!