26.8 C
Galle

කිඹුලා ඩැහැගත් දරුවාගේ සිරුර හමුවෙයි

Published:

කැළණි ග‍‍ෙඟේ දිය නාමින් සිටිය දී කිඹුලකු විසින් ඩැහැගෙන ගිය දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රියේ හමු වූ බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ කඩුවෙල, වැලිවිට පදිංචිව සිටි දිස්න ප්‍රමෝද් පෙරේරා නමැති 11 හැවිරිදි පාසල් සිසුවෙකි.

වැලිවිට ශාන්ත අන්තෝනි මාවතේ තොටුපොාළේ දිය නාමින් සිටිය දී ඔහු කිඹුලාගේ ගොදුරක් බවට පත්විය. කිඹුලා විසින් දරුවා ඩැහැගත් ස්ථානයේ සිට මීටර 150ක් පමණ දුරින් අඹතලේ දෙසට වන්නට තිබී සිරුර හමු වී ඇත.

පොලිසිය පවසන්නේ දරුවාගේ සිරුරේ කිඹුලාගේ තියුණු දත් පහරවල් තිබුණු නමුත් සිරුරු කොටස් අඩුවක් නොතිබූ බවයි.

දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!