26.8 C
Galle

ළමයින්ට ටියුෂන් කළ ගුරුවරුන්ට පාසල් අහිමිවෙයි

Published:

තමන් උගන්වන පාසලේ දරු දැරියන්ගෙන් මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වූ ගුරුවර ගුරුවරියන් 51 දෙනකුට ස්ථානමාරුවීම් ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ ළමුන්ට මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම නොකරන්න යැයි උපදෙස් දී තිබිණි.

එම නියෝග නොතකා පන්ති පැවැත්වූ බවට හඳුනාගත් ගුරුවර ගුරුවරියන් මෙලෙස මාරුකර යවා ඇත. මධ්‍යම පළාත්  අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරින් සිදුකල විමර්ශනවල දී මේ කරුණු සනාථ වී ඇත

මෙම ගුරුවර ගුරුවරියන්ට එරෙහිව විනය පරීක්ෂණද පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියයි.

Related articles

spot_img
error: Content is protected !!