27.1 C
Galle

බෙලිඅත්තේ ඝාතනය ගැන සොයන්න, පොලිස් කණ්ඩායම් 06ක්

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී අද (21) උදෑසන වෙඩි තබා පස් දෙනකු ඝාතනය කර ඇත්තේ පැරණි ‍කොන්තරයක් හේතුවෙන් යැයි පොලිසිය කියයි.

තංගල්ල අධිකරණයේ ඇති නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටිය දී එම පිරිසට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අපේ ජනබල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා, හසිත රණසිංහ, සමීර මධුශංක, බුද්ධික රාජපක්ෂ සහ චම්ප්‍රිය ජයතිලක යන පස්දෙනකු බව ද හඳුනාගෙන ඇත.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිව් දෙනකු මියගිය අතර එක් අයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

තංගල්ල කුඩාවැල්ලේ දී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයකට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!