27.1 C
Galle

වෛද්‍යවරයාට පහරදුන්නා යැයි කී සේවකයන්ටත් ඇප

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය භාර විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (21) දින සිට ලබන 29 වැනි දා දක්වා රිිමාන්ඩ් කරන ලද කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාව සහ සේවකයන් දෙදෙනා ඇප මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (22) කටයුතු කළේය.

එම සැකකරුවන් තිදෙනා ඊයේ (21) රිමාන්ඩ් කරන ලද්දේ වැඩබලන මහේස්ත්‍රාත් මහීනාථ දහනායක මහතා විසිනි.

රෝහලේ සේවිකාවකට පහරදී ඇතැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද (22) දක්වා රිමාන්ඩ් කර සිටි විශේෂඥ වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරාට ද අද පෙරවරුවේ ඇප නියම කෙරිණි.

රිමාන්ඩ් භාරයේ සිටි කණිෂ්ඨ සේවකයන් දෙදෙනා සහ සේවිකාව නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෝසමක් සළකා බැලීමෙන් පසු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එක් අයකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කටයුතු කළේය.

මේ වනවිට එම ගැටුමට සම්බන්ධ වූ බව කියන විශේෂඥ වෛද්‍යවරයාට සහ ‍කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන්ට ඇප හිමිව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!