27.1 C
Galle

පංච පුද්ගල ඝාතනයට ගත් ජීප් රිය ගාල්ලේ පන්සලක

Published:

බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැකකරන ජීප් රථය ගාල්ල චීනකොරටුවේ පුඤ්ඤසාර පිරිවෙන් විහාරස්ථානයේ ඇති රථ ගාලක දමා ගොස් තිබිය දී ‍සොයාගත් බව පොලිසිය පවසයි.

පසුගිය 22 දා උදෑසන බෙලිඅත්ත අධිවේගී හුවමාරුව අසළ දී වෙඩි තැබීමෙන් ඩිෆෙන්ඩර් රථයක ගමන්කරමින් සිටි අපේ ජන බලය පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු 05 දෙනකු ඝාතනයට ලක්විය. ඔවුන් තංගල්ල අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට යමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි.

මාතර සිට පැමිණි විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම රථය අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!