27.3 C
Galle

මත්පැන් සමාගම්වලින් බදු අයකරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Published:

දේශීය මත්පැන් සමාගම් වලින් අයකර ගත යුතුව ඇති රුපියල් කෝටි 678ක පමණ බදු මුදල් වහාම අයකරගන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සංජය මහවත්ත ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයන් 17 දෙනකුගෙන් යුතු පිරිසක් විසිනි.

එමෙන්ම, සුරා බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද මේ වනවිට පැහැර හැර ඇති සුරා බදු මුදල් එම සමාගම්වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ඇතුළු පිරිසක් නම් කර  ඇත.

Related articles

spot_img
error: Content is protected !!