31.5 C
Galle

පැහැරගත් යාත්‍රාව සහ ධීවරයෝ මුදා ගනිති

Published:

අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව සහ ඒහි සිටි ධීවරයින් හතරදෙනා සීෂෙල්ස් වෙරළ ආරක්ෂක අංශය විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.

යාත්‍රාව සීෂෙල්ස් වෙත රැගෙන යමින් පවතින බවත් ධීවරයන් සුවෙන් පසුවන බවත් යාත්‍රාවේ හිමිකරු පවසයි.

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව සමග ශ්‍රී ලංකික ධීවරයන් හයදෙනෙකු පසුගිය 27 වැනි දින දහවල් පැහැර ගැනීමට ලක්විය.

‘ලොරෙන්සෝ 4’ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා පවසන්නේ ඉරානයට අයත් අඩි හැටක් පමණ දිග යාත්‍රාවකින් පැමිණි සෝමාලියානු කොල්ලකරුවන් තිදෙනෙකු මේ පැහැරගැනීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ජනවාරි 12 වැනිදා මෙම යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ දික්ඕවිට ධීවර වරායෙනි.

Related articles

spot_img
error: Content is protected !!