31.5 C
Galle

කෘෂි විද්‍යා අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published:

අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විභාග අපේක්‍ෂකයන්ට ඒ සඳහා ප්‍රවේශ පත්‍රය මේ වන විටත් නිකුත් කර ඇති බවත් එය නොලැබුණේ නම් පමණක් www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රය බාගත කළ හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත්, අවලංගු වූ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි මධ්‍යස්ථානයේම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට නව ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය පෙබරවාරි මස 1 වැනිදා පැවැත්වෙන අතර එහි දෙවන කොටස පෙරවරු 8.30 සිට 11.40 දක්වා ද, පළමු කොටස එදිනම පස්වරු 1.00 සිට 3.00 දක්වාත් පැවැත්වීමට නියමිතය. 

Related articles

spot_img
error: Content is protected !!