29.4 C
Galle

තරුණියන් සමඟ රෝන්දේ ගිය, නායක හිමිට පන්සලත් අහිමිවෙයි

Published:

වැලිපැන්න විහාරස්ථානයක නායක හිමියන් ගිහි ඇඳුමින් සැරසී තරුණියන් තිදෙනකු සමඟ විනෝද චාරිකාවක ගොස් සිටිය දී ගම්වැසි තරුණයන් කිහිප දෙනකු විසින් ඒ බව දැක ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදාහැරීම නිසා භික්ෂුවට විහාරස්ථානයට හැරදමා යාමට සිදුව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

මෙම භික්ෂුව ගිහි ඇඳුමින් සැරසී තරුණියන් තිදෙනකු සමඟ කතරග, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාමය ඇතුළු ප්‍රදේශවල චාරිකාවක නිරතව ඇත. මේ අතර ගමේ තරුණයන් පිරිසක් ද කතරගම ගොස් ඇති අතර ඔවුන් දැක ඇත්තේ තම ගමේ විහාරස්ථානයේ නායක හිමියන් ගිහි ඇඳුමකින් සැර සී තරුණියන් තිදෙනකු සමඟ විනෝද වෙමින් සිටින ආකාරයයි. එම භික්ෂුව සහ තරුණියන්ගේ ඡායාරූප ගත් තරුණයෝ ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළකළහ. ඒ අනුව විහාරාධිපති හිමියන් ගමට ඒමටත් පෙර ගමේ දායක දායිකාවන් මේ බව දැන විහාරාධිපති හිමියන් පැමිණෙන විට විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි.

පොලිසිය පවසන්නේ මේවන විට වි‍හාරාධිපති හිමියන් ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!