31.5 C
Galle

තෙල් මිල අඩු-වැඩි වෙයි

Published:

ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 5.00 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371.00කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363.00කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262.00කි.

මේ අතර ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 8.00කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456.00කි.

එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 7.00කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468.00කි.

ලංකා IOC සමාගම ද මෙම මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!