27.9 C
Galle

සකර්බර්ග්, සමාව ගනී

Published:

Facebook නිර්මාතෘ සහ Meta සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානිය වන මාර්ක් සකර්බර්ග් ඇමෙරිකාවේ ජනතාවනේ සමාව ඉල්ලා තිබේ.

සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරු දැරියන් ලිංගික අප‍යෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යාම සිදුව ඇතැයි යන චෝදනාව හේතුවෙන් ඔහු එලෙස සමාවව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඔහු මෙලෙස සමාව ඉල්ලා ඇත්තේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!