31.5 C
Galle

පාන් ගෙඩියේ බර ගැන, ගැසට් නිවේදනයක්

Published:

පාන්වල නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම උපරිම ග්‍රෑම් 13.5කට සීමා විය යුතුය.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් බවත් එහි වෙනස්වීම උපරිම ග්‍රෑම් 09කට සීමා විය යුතු බවත් ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන් ම විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන්කර තිබිය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!