31.5 C
Galle

කෙහෙලිය අල්ලන්න – CID ඉදිරිපිට උද්ඝෝෂණ

Published:

බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමෙන් රටේ රෝගි ජීවිත මාරයාට බිලිදුන් කෙහෙලිය රඹුක්වැල්ල වහා අත් අඩංගුවට ගත යුතු යැයි බලකරමින් දේශපාලන හා සිවිල් සංවිධාන රැසක් ඒකාබද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නියැලෙමින් සිටියි.

ඒ අද (02) දිනයේදි කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රශ්න කිරිම සදහා කැඳවා ඇති අවස්ථාවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දේශපාලන හා සිවිල් ක්‍රියාකාරින් රැසක් විරෝධතා පුවරු සහිතව රැදි සිටිති. වෛද්‍ය චමල් සංජිව, මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත, ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ දර්ශන තන්ත්‍රීගේ, අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාමුනි කමන්ත තුෂාර,  ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ සංජිව ධම්මික, වෙනස නව සන්ධානයේ දුලාර ගුණතිලක, සිවිල් සංවිධාන සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ රොෂාන් කරවනැල්ල ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට එක් රැස්වී විරෝධතාවය දක්වමින් සිටිති.

Related articles

spot_img
error: Content is protected !!