31.6 C
Galle

“නිදහස දිනය, කළු දිනයක්” උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාර. සරසවි සිසුන් අත්අඩංගුවේ

Published:

යාපනය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් සහ උතුරේ දේශපාලන නායකයන් පිරිසක් අද (04) නිදහස් දිනය කළු දිනයක් යැයි පවසමින් කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

එම අවස්ථාවේ දී කලහකාරී ලෙස හැසිරුණේ යැයි ‍චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.

මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම, වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටලුවලට විසඳුම් නොවීම සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම යන කරාණා නිසා නිදහස් දිනය සැමරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සඳහන් කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.

Related articles

spot_img
error: Content is protected !!