30 C
Galle

කෙහෙළිය පාර්ලිමේන්තු නොඑන බව කියයි

Published:

පාර්ලිමේන්තු සැසිවාරය අද (07) ආරම්භවන අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඊට සහභාගීවීම සඳහා බන්ධනාගාරයෙන් අවසර ලබා දී ඇතත් හෙතෙම පාර්ලිමේන්තු යාම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරමකට සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවන අවස්ථාවට සහභාගී කරන්න යැයි කතානායකවරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි.

කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!