26 C
Galle

කෙහෙළියගේ නම පාසලෙන් ඉවත් කරන්න

Published:

මහනුවර, කුණ්ඩසාලේ, කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික පාසලේ නම ඉවත් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ් මහතා කියා සිටියේ ජීවත්ව සිටින පුද්ගලයන්ගේ නමින් පාසල් නම් කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1996 වසරේ චක්‍රලේකයක් ද නිකුත් කර ඇති නමුත් ඒය උල්ලංඝනය කරමින් මෙලෙස හිටපු පරිසර අමාත්‍ය කෙහෙළියගේ නමින් පාසල නම්කර ඇති බවයි.

නීතිවිරෝධී ඉමියුනෝග්ලොබීන් ප්‍රසම්පාදන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍යවරයාගේ නමින් පාසලක් නම් කිරීම අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

“කෙහෙළිය සමාජයට වැරදි ආදර්ශයක් දීලා, ඔහු හිරේ ගියා. එබැවින් ඔහුගේ නමින් පාසලක් නම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයින්ගේ නමින් පාසල් නම් කිරීමට එරෙහිව වහා පියවර ගන්නා ලෙස රජයට බලකර සිටිනවා”, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

‘මහින්ද රාජපක්ෂ’ නමින් පාසල් නම් කිරීමේදී ද මතභේදයක් මතුවුණු බවත් රාජපක්ෂ පාලන සමයේදී එලෙස පාසල් නම් කිරීම ආරම්භ කළේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බවත් ස්ටාලින් පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!