30 C
Galle

නිරුවතින් ළමා වාට්ටුවකට රිංගූ සැකකරු සොයා මෙහෙයුම්

Published:

මීරිගම මූළික රෝහලේ ළමා වාට්ටුවට පැමිණ එහි නේවාසිකව සිටි දැරියකගේ ඇඳෙහි වාඩි වී සිටි නිරුවත් පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා බ්‍රහස්පතින්දා (08) අලුයම වාට්ටුවට රිංගාගෙන ඇති බවයි. නිරුවතින් ම වාට්ටුවට පැමිණි එම පුද්ගලයා 13 හැවිරිදි දැරියක නිදා සිටි ඇඳක වාඩි වී සිටිය දී ඔහු දුටු දැරිය කෑ ගසන විට එම සැකකරු පළා ගොස් ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මීරිගම රෝහල වෙතින් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!