30 C
Galle

රෙදි පටියකින් ගෙල සිරවී දරුවා මරුට

Published:

ගසකට රෙදි කැබැල්ලක් ගැට ගසා සෙල්ලම් කරමින් සිටි 12හැවිරිදි දරුවකුගේ ගෙල රෙදි පටියට සිරවීමෙන් මියගොස් ඇතැයි නුවරඒළිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇතිතේ නුවරඒළිය මාස්පොත කටුමානේ පදිංචි ශිවකුමාර් දිලක්ෂන් නැමැති පාසැල් සිසුවෙකි.

ඒම අවස්ථාවේ නිවසේ සිට ඇති දරුවාගේ මව පවසන්නේ සෙල්ලම් කිරීමට ගිය පුතා දිගු වේලාකින් නොපැමිනි බැවින් සොයා බැලූ බවයි. පසුව, නිවස ආසන්නයේ තිබූ කුඩා ගසක් අසල රෙදිකැබැල්ලකින් ගෙල සිරවී මියගොස් සිටි දරුවා මවට දක්නට ලැබී තිබේ.

මියගොස් ඇත්තේ පවුලේ බාල දරුවා වන අතර ඔහුට වැඩිමහල් සහෝදරියෝ දෙදෙනකු සිටිති.

Related articles

spot_img
error: Content is protected !!