30 C
Galle

කාන්තාවන් සිටි නිවසකට තිදෙනකු රිංගා, අයෙක් මැරුම් කයි

Published:

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බව කියන පුද්ගලයකු අසල්වැසි තරුණයකුගෙන් පහර කා තියුණු කැපුම් තුවාල සහිතව එම නිවසතුළ දී ම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඕපාත ප්‍රදේශයේ තරුණයෙකි. අද (11) අලුයම ඔහු සමඟ තවත් දෙදෙනකු එම නිවසට ඇතුළු වී ඇතැයි පොලිසිය කියයි. තම දියණියන් හතර දෙනා සමඟ මව එම නිවසේ රැඳී සිට ඇත. මෙම පිටස්තර පුද්ගලයන් තිදෙනා නිවසට පැමිණියේ දේපළ කොල්ලකෑමට ද ? නැතිනම් කිසියම් අතවරයක් කිරීමේ අරමුණෙන් ද යන්න පොලිසිය පරීක්ෂා කරන බව ද පවසයි.

Related articles

spot_img
error: Content is protected !!