29.9 C
Galle

ගාල්ලේ ගලක්, දුම්රියට කළ හදියක්

Published:

ගාල්ලේ මිනුවන්ගොඩ දුම්රිය බිංගේ ඇතුලේ දුම්රිය මාර්ගයේ තිබූ විශාල ගලක් වැදීමෙන් අද (01) කොළඹ බලා ධාවනය වූූ රුහුණු කුමාරී දුම්රියට දැඩි අලාභහානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගල වැදීමෙන් දුම්රියේ ඉන්ධන ටැංකියකට හානි සිදුවී දුම්රිය පාර පුරා ඉන්ධන විසිරී තිබුණු අතර දුම්රිය මාර්ගයේ කොටසකට ද අලාභ හානි සිදුවිය.

දුම්රියේ එක් ඉන්ධන ටැංකියකට හානි සිදුවුව ද රුහුණු කුමාරී දුම්රිය අනෙක් ඉන්ධන ටැංකිය භාවිතා කරමින් කොළඹ බලා ධාවනය කෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.

එම දුම්රියට පසු ධාවනය වූ ගාලු කුමාරී දුම්රිය මේ අනතුර හේතුවෙන් විනාඩි 45ක් පමණ ප්‍රමාද වූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස දුම්රියට හානි සිදුකරන ලද ගල බිංගේ තුළින් ම දුම්රිය මාර්ගයට කඩා වැටුණු එකක් ද නැතිනම් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් එහි තබන ලද්දක් ද යන්න පිළිබඳ සොයා බලන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!