28.3 C
Galle

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා රනිල් ද ? තීරණය ගැනීමට බැසිල් සාකච්ඡාවක් කැඳවයි

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත කරන අපෙක්ෂකයා සම්බන්ධ සාකච්ඡා කිරීම ඇතුළු කරුණු ගණනාවක් සඳහා අද (20) එම පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම කැඳවා ඇත්තේ එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.


ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන්  පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත්වී   ඇති   විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!