28.3 C
Galle

ආරක්ෂක විද්‍යා පීඨයේ ආහාර විෂවීමෙන්, සිසු පිරිසක් රෝහලේ

Published:

සෙවනගල, නුගේගලයාය ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 29 දෙනකු ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඔවුන් ඇතුළත් කර ඇති අතර එම පිරිස අතර සිසුන් 26 දෙනකු සහ සිසුවියන් 03 දෙනකු සිටින බව රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු එම සිසු සිසුවියන්ට ආසාත්මිකතා ඇති වී තිබෙන අතර එම ආහාරවේලට එකතු වී තිබූ බැදපු මාලුවර්ගයක් හේතුවෙන් මෙවැනි තත්වයක් ඇති‍වන්නට ඇතැයි සැකකරයි.

වෛද්‍යවරු පවසන්නේ සිසු සිසුවියන්ගේ තත්වය බරපතල නොවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!