28.3 C
Galle

STF වෙඩි තැබීමෙන්, සැකකරුවකු මරුට

Published:

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ දී සිදු වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගියබව පොලිසිය පවසයි.

ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් සිටිය දී වෙඩි හුවමාරුව සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වූ ඇහැලියගොඩ මුළුගහපිටිය පදිංචිකරුවෙකි.

පොලිසිය පවසන්නේ ජාඇල දඬුගම ප්‍රදේශයේ දී සිදු වූ ඝාතනයක් සම්බන්ධ සැකපිට ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය බවයි.

Related articles

spot_img
error: Content is protected !!