27.8 C
Galle

මහබැංකුවේ වැටුප් වර්ධන අත්හිටුවයි

Published:

මහබැංකුවේ නිලධාරීන් සඳහා ලබාදුන් 70%ක වැටුප් වර්ධකය, රාජ්‍ය ගිණුම් කාරක සභා නිර්දේශය මත අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිිබේ.

වැඩි කර ගත් වැටුප සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය සහ වෘත්තිකයන් බහුතරය ඒකාබද්ධ තීරණයක් ගෙන ඇති අතර, වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහජනතාව අතර පවතින කතිකාව පිළිබඳ සලකා මෙම තීරණය ගත් බව ද මහ බැංකු නිලධාරීන් පවසයි.

වැටුප් වැඩි කිරීම සලකා බැලීමට මහ බැංකු අධිපතිවරයාගේ ද එකඟත්වය මත මුදල් ඇමැතිවරයා විසින් ස්වාධීන කමිටුවක් කඩිනමින් පත් කරනු ලැබිය යුතු අතර එම වාර්තාව සති හතරක් ඇතුළත මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවට ද රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින්  නිර්දේශ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!