28.3 C
Galle

පාසලේ ලැප්ටොප් හොරකම් කළැයි සිසුන් අත්අඩංගුවට

Published:

බේරුවල ආරියවංශ විදුහලේ ලැප්ටොප් 12ක් සොරකම් කළා යැයි සැකපිට එම පාසලේ ම සිසුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

ආරියවංශ විද්‍යාලයේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් සොරකම් කර ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්ෂණයෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අංගුවට ගෙන ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියිමත 16 හැවිරිදි සිසුන් දෙදෙනකු සහ පානදුර, පාදුක්ක ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.

පසුගිය පෙබරවාරි මාසයේ 23 වැනි දින මෙම සොරකම සිදුකර ඇතැයි පැමිණිල්ලක් ලැබී තිබිණි.

පොලිසිය පවසන්නේ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු පාදුක්ක ප්‍රදේශයේ සඟවා තිබූ ලැප්ටොප් 12 සොයාගත හැකි වූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!