28.3 C
Galle

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසියි ?

Published:

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම මෙම වර්ෂය තුළ පිහිටුවීමට හැකි බවත්, ඒ සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසිවන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි.

ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ස්ථාපිත කිරීම සදහා නිර්දේශ ලබාගැනීමට හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්‍යාංශය වෙත ලබා දී තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම සිදුකරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!