28.3 C
Galle

නීතිපති මෛත්‍රීගේ ප්‍රකාශය ගැන අධිකරණයට දැනුම් දෙයි

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහිදී මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නා ලෙස ද ඉල්ලීමක් කිරීමට නියමිත බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු දුන් ප්‍රකාශය ඊයේ (26) නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!