30.9 C
Galle

කබ්රාල්, කෝටි 184ක් පාඩු කළැයි නඩු

Published:

ග්‍රීක රජයේ බැඳුම්කර මිලඳී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි 184කට වැඩි මුදලක් යෙදවීමෙන් රජයට පාඩු කළ බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු 05 දෙනකුට එහෙිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු මුදල් යොදවා එරට බැඳුම්කර මිල දී ගෙන ඇතැයි මෙම චෝදනාවේ දැක්වේ.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අමතරව කේ.ජී.ඩී.ධර්මසේන ධීරසිංහ, බී.ඩී.වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ.කරුණාරත්න යන පිරිසට එරෙහිව මෙලෙස නඩු පැවරීමට කටයුතු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හිටපු පාාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කෙරුණු විමර්ශනවලින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට මෙලෙස නඩු පවරා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!