28.9 C
Galle

සුපිරි රථ හිමියන්ට, ලොකු සහනයක්

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 447.00 සිට රුපියල් 7.00ිකින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 440.00ක් වෙයි.

ලංකා සුපිරි ඩීසල් ඉන්ධන ලීටරයක මිලල රුපියල් 458.00 සිට රුපියල් 72.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 386.00කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 257.00 සිට රුපියල් 12.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 245.00ක් වෙයි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ සහ ලංකා සුදු ඩීසල් මිලෙහිි වෙනසක් සිදුකර නොමැති අතර ඒ අනුව ඒවා පිළිවෙලින් රුපියල් 371.00 සහ 363.00 මිලෙහි ම තවදුරටත් පවතී.

Related articles

spot_img
error: Content is protected !!