28.9 C
Galle

සුරාබදු ලොක්කෝ, කාර්යාල කැබ් රථයකින් ගංජා ජාවාරමේ

Published:

සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45 ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියැදුරු සහ සහායකවරයකු ඇතුළු 8 දෙනෙක් අද (01) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු කාර්යාල නිලධාරීන් කොළඹ ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලයකට සේවය කරන පිරිසකි. අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මොවුන් කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරමේ යෙදී ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සුරාබදු දෙපාර්තමෙන්තුවට අයත් කැබ් රථයකින් කේරළ ගංජා ජාවාරම්කරන බවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් හලාවත ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

Related articles

spot_img
error: Content is protected !!