30 C
Galle

ලෝක කුසලාන පළමු තරඟයේ දී ම ශ්‍රී ලංකාවට 77කට දැවී යයි

Published:

විස්සයි 20 තරඟයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද පිහිටුවමින් 2024 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ තමන් මුහුණ දුන් පළමු තරඟයේ දී ම ලකුණු 77කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට පන්දුවාර 19.1ක් වැය කර තිබිණි.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ලබාගැනීමට අවශ්‍ය වන්නේ ලකුණු 78ක් පමණක් වන අතර එය ලකුණු 3.9ක දළ වේගයකි.

කුසල් නේඩිස් පන්දු 30 ක දී හතරේ පහරක් සමගින් රැස්කළ ලකුණු 19 ඉනිමේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි  

මැද පෙළ පිතිකරුවන් වන නායක වනිඳු හසරංග (0), සදීර සමරවික්‍රම (0) සහ උප නායක චරිත් අසලංක (6) අසාර්ථක වීමෙන් ලකුණු 45 කට කඩුලු 6 ක් දැවී දෑමෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි.

දකුණු අප්‍රිකානු දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝර්ට්ජ් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.  

ශ්‍රී ලංකා පිල ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 77

(කුසල් මෙන්ඩිස් 19, කමිඳු මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 17, ඇන්රිච් නොර්ට්ජි 7/4, කාගිසෝ රබාඩා 21/2, කේෂව් මහරාජ් 22/2) 

Related articles

spot_img
error: Content is protected !!