27.1 C
Galle

හිටපු මන්ත්‍රීලගෙන්, අල්ලස් හෝ දූෂණ කොමිසම වාර්තා ඉල්ලයි

Published:

මේ වනවිට තමන් සතුව ඇති වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ යළි ලබාදෙන්න යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනාට ම අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.

නව දූෂණ විරෝධී පනතේ පැහැදිලිව සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එහි සිටි මන්ත්‍රීවරු සියලු දෙනා සති දෙකක් ඇතුළත තම වත්කම් බැරකම් ප්‍රකාශ යළි වතාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාර දිය යුතුය.

කොමිෂම පවසන්නේ සෑම මන්ත්‍රීවරයකු ම ධූරයේ රැඳී සිටිය දී සෑම වර්ෂයක ම මාර්තු 31 වැනි දින වනවිට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවයි. ඒ අනුව මෙම වර්ෂයේ මාර්තු 31වැනි දිනය වනවිට සියලු මන්ත්‍රීවරු එම ප්‍රකාශ ලබා දී තිබුණු බවත් ඔවුන්ට ලබාදීමට ඇත්තේ ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවාහරින තුරු කාලය අදාළ කරගනිමිනි.

Related articles

spot_img
error: Content is protected !!